December 11, 2025

මාතලේ, පල්ලෙපොල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ සිදුවූ නායයෑමේ සිද්ධියෙන් පස් අතර සැඟවී අතුරුදන්ව තිබූ එකම පවුලේ හත්දෙනකුගේ සිරුරු සොයාදීමට එම නිවසේ සිටි සුනඛයකු සමත්වීමේ සංවේදී පුවතක් වාර්තා විය.

පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයත් සමග කන්දක් නායයෑමෙන් එම ගම්මානයේ නිවසක සිටි එකම පවුලේ හත්දෙනකුට දිවි අහිමිවී තිබිණි.

පස්වලට යටවී තිබූ එම නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

මෙය ප්‍රදේශවාසීන්ට ප්‍රශ්නයක් වී තිබිණි.

ප්‍රදේශවාසීන් ද එම නිවැසියන් සොයමින් සිටියදී එම නිවසේ ඇති කරන සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන් සොයාගැනීමට සමත් ව තිබේ.

මෙය හදවත් සලිත කරවන සිදුවීමක් විය.