
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාරවිල මුහුදුකටුව ප්රදේශයේදී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි ජපන් ජාතිකයකු ඇතුළු සිව්දෙනකු බේරාගෙන තිබේ.
විදේශිකයකු ඇතුළු පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මසුන් ඇල්ලීම සඳහා කුඩා ඩිංගි යාත්රාවකින් මුහුදට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අයහපත් කාලගුණික තත්ත්වය බෝට්ටුව පෙරළීමට හේතු වූ බව වාර්තා වේ.
පෙරළුණු බෝට්ටුවේ හිමිකරු මාරවිල ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර ගොඩබිම සිටි ධීවරයෙකුට දුරකථන පණිවිඩයක් මගින් හදිසි තත්ත්වය දැනුම් දීමට බෝට්ටුව මෙහෙයවූ පුද්ගලයන් සමත් වී ඇත.
ආපදා ඇමතුමට ප්රතිචාර දක්වමින් ප්රදේශවාසීන් පිරිසක් සිද්ධිය වාර්තා වූ ස්ථානයට පැමිණ බෝට්ටු ක්රියාකරු බේරාගෙන ආරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කර තිබේ.
නාවික හමුදාවේ සහාය ඇතිව දියත් කළ සෝදිසි සහ ගලවාගැනීමේ මෙහෙයුමකින් පසු අතුරුදන් වූ බෝට්ටුවේ සිටි ඉතිරි සිව්දෙනා බේරාගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart