
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කීපයක් දින තුනක් තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ වන තුරුත් ලැබී නැත.
සැකකාර හිටපු අමාත්‍යවරයා පදිංචි නිවාස සහ ඔහු රැඳී සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බව පොලිස් ආරංචි මාර්ග කියාසිටියි.
අමතර කොටස් හොරරහසේ ආනයනය කර ඒවා යොදාගෙන බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් එකලස් කර එය පරිහරණය කළ බවට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම මෝටර් රථය ලියාපදිංචි කර නැති අතර ඊට යොදා ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවද විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම මෝටර් රථය කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ දින ගණනක් තිස්සේ නතර කර තිබියදී රහස් පොලිසිය මගින් සිය භාරයට ගත් අතර එම රථය එහි ගෙනැවිත් ඇත්තේ ‘ටැක්සි අබේ’ නමැත්තා විසින් බවද හෙළිවිය.
මෙම මෝටර් රථයේ තිබී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කීපයක් ද පොලිසිය මගින් සොයාගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද අසනීප බව කියමින් ඊට ඉදිරිපත් වීම මඟහැර ඇති බවද රහස් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart