January 29, 2026

“බත් කන හරක් තව ඉන්නවාදැයි” ? ඇසූ පුද්ගලයකුට පහරදුන් කළුතර මහනගර සභා මන්ත්‍රීවරයා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන අද නියෝග කළේය.

කළුතර මහනගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජයනාත් නවරත්නට මෙසේ ඇප නියම විය.

නඩුවේ ඉදිරි විමර්ශනවලට බාධා නොකරන බවට සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරු අධිකරණයට පොරොන්දු වූහ.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් කළුතර නගර මධ්‍යයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුර මාර්ගයේ ගමන් කළ ලසිත් ඉමර්ෂන නමැති 26 හැවිරිදි පුද්ගලයකු යතුරු පැදිය විරෝධතාවය ඉදිරිපිට නවතා “බත් කන හරක් තව සිටිනවාදැයි ” විමසා සිටි අතර ,එහිදී උරනවූ ජයනාත් නවරත්න නාගරික මන්ත්‍රීවරයා පැමිණිලිකරුගේ මුහුණට සහ හිස ප්‍රදේශයට පහරදී ඇති බැවින් කළුතර දකුණ පොලිසිය සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.