
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාර කරයුතු වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසා ඇත්තේ, 2023.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු වල නිරත වීමට බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය වෙත ලබා දී තිබු බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කළ බවත්, ඒ අනුව එම දින සිට බලපැවැත්වෙන පරිදි බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු වල නිරත විය නොහැකි බවත් ය.
“අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද විශේෂිත විධාන සහ නීතීන් ගණනාවක් අඛණ්ඩව කඩකරමින්/ පටහැනි ලෙස කටයුතු කරමින් පැවතුනි. මෙම තත්වය හේතු කොටගෙන පැන නැගුණු ඌන ප්‍රාග්ධන මට්ටම, ගුණාත්මක බවින් අඩු වත්කම් සහ අඛණ්ඩව වාර්තා වූ අලාභයන් හේතුවෙන් එම ආයතනයේ මුල්‍ය තත්වය තවදුරටත් දුර්වල වී පැවතුනි.
මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ නීතීන් වලට මෙන්ම බැංකු නොවන මුල්‍ය ආයතන එකාබද්ධ කිරීමේ සැලැස්ම සදහා ද අනුගතවීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් කිහිප අවස්ථාවකදී කාලය දීර්ඝ කිරීම් සිදුකලද එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති විධාන සහ නීතීන් වලට අනුගත වීමටත් , ආයතනයේ පැවති දුර්වල තත්ත්වය මගහරවා ගනිමින් සෑහීමකට පත්විය හැකි වර්ධනයක් පෙන්වීමටත් ආයතනය අපොහොසත් විය.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart