
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වඩාත් සුදුසු බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.
රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කතාබහ මැතිවරණ කල්දැමීමේ උගුලක් වුව වියහැකි බවයි.
මුළු රටම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින නිසා එය අහෝසි කළ යුතු බව ඔහු සඳහන් කළේය.
“මොන මැතිවරණයක් ආවත් අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. අපේ අපේක්ෂකයා හරි වෙලාවට වේදිකාවට එයි. ඒක බලාගෙන ඉන්න” යැයිද ඔහු එහිදී පැවැසීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාව වැනි රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමේ වැදගත්කම අවසානයේ අවබෝධ කර ගැනීම ගැන තමා සතුටු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart