
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණය තුළ ඉදිරිකාලයේ කෙරෙන උසස්වීම් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකෙරුණු පරිදි ජ්‍යෙෂ්ඨත්වය මත සිදුකරන බව සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක නීතිඥ සංගමය සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ උසස්වීම් සාම්ප්‍රදායිකව ජ්‍යෙෂ්ඨත්වය අනුව ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, මෑත කාලීනව මෙම මූලධර්මයෙන් බැහැර වූ අවස්ථා ඇති බව එම සංගමය නිරීක්ෂණය කරයි.
මෙරට අධිකරණ නිලධාරීන්, මහාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් උසස් කිරීම සම්බන්ධයෙන් පවතින ක්‍රියාවලිය කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීම සඳහා මෙම ලිපිය යොමුකළ බව නීතිඥ සංගමය ප්‍රකාශ කළේය.
කුසලතා තක්සේරු කිරීම සඳහා වෛෂයික, විනිවිද පෙනෙන සහ ආරක්ෂා කළ හැකි මාර්ගෝපදේශ හඳුන්වා දෙන තෙක් ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව උසස්වීම් ලබාදීම අඛණ්ඩව සිදුකළ යුතු බව නීතිඥ සංගමය අවධාරණය කළේය.
“කුසලතා පදනම මත ජ්‍යෙෂ්ඨත්වය නොසළකා හැර තිබේ නම්, අධිකරණය තුළ එවැනි උසස්වීම් ලබා දීමේදී කුසලතා තක්සේරු කිරීම පාලනය කරන පැහැදිලි හෝ ස්ථාපිත මාර්ගෝපදේශ දැනට නොමැති බව නිරීක්ෂණය වී ඇත. මෙම විනිවිද පෙනෙන නිර්ණායක නොමැතිකම ක්‍රියාවලියේ සාධාරණත්වය සහ අනුකූලතාවට හානි කිරීමේ අවදානමක් පවතී,” යනුවෙන් නීතිඥ සංගමයසිය ලිපියේ සඳහන් කළේය.
අධිකරණය තුළ උසස්වීම් සහ පත්වීම් ලබාදීමේදී විනිවිද පෙනෙන සහ සාධාරණ ක්‍රමයක් පවත්වා ගැනීමේ වැදගත්කම නීතිඥ සංගමය තවදුරටත් අවධාරණය කළේය.
අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ යුක්තිය පසිඳලීම අපක්ෂපාතී සහ විශ්වසනීයව පවතින බව සහතික කිරීම සඳහා එවැනි ක්‍රමයක් අත්‍යවශ්‍ය බව එහි සඳහන් වේ.
ලිපියේ පිටපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති සහ සාමාජිකයන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ද යවා ඇත.
නීතිඥ සංගමයේ ලිපියට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart