
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලාන්සා මන්ත්රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු යැයි ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.
කලක් බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිමල් ලාන්සා මන්ත්රීවරයා පසුව තවත් මන්ත්රී පිරිසක් සමඟ මැතිසබයේ ස්වාධීන මන්ත්රී කණ්ඩායමක් ගොඩනගා එයට නායකත්වය ලබා දෙමින් සිටී.
කෙසේ හෝ මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්රමසිංහ විසින්ම නිමල් ලාන්සා මන්ත්රීවරයා වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වෙයි.
මෙහිදී ලාන්සා මන්ත්රීවරයා ප්රකාශ කර ඇත්තේ තමන්ට බැසිල් රාජපක්ෂ හමුවිය හැකි නමුත් තමන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බවයි.
ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම සම්බන්ධයෙන්ද නිමල් ලාන්සා සහ අනුර යාපා යන ස්වාධීන මන්ත්රීන්ගේ නව සන්ධානයේ ප්රධානීන් දැඩි විරෝධය පළ කර තිබිණි.
මෙම විරෝධතා සමථයට ජනාධිපතිවරයා අදාළ හමුව සම්බන්ධීකරණය සඳහා වජිර අබේවර්ධන මන්ත්රීවරයා පත්කර ඇති බව සඳහන්ය.
ඉදිරි සතියේදී බැසිල් – ලාන්සා හමුව පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart