
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වැනි නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද අභාවප්‍රාප්ත විය.
1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්ව ඇති අද්මිරාල් බැසිල් ගුණසේකර, 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වැනි නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත.
1929 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් බැසිල් ගුණසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 පෙබරවාරි මස 18 වන දින දක්වා අංක 50/06, අනුලා මාවත, කොළඹ 06 පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව 2024 පෙබරවාරි මස 18 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart