
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු තානාපති සන්ජේ සුධීර් (Sunjay Sudhir) අබුඩාබි හි BAPS හින්දු මන්දිරයේ සංචාරය සඳහා ලොව පුරා සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
අබුඩාබි හි BAPS හින්දු මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, පසුගිය අඟහරුවාදා ජාතීන් 42ක නියෝජිතයන් BAPS හින්දු මන්දිරය වෙත රැස් වී තිබේ.
ආර්ජන්ටිනාව, ආර්මේනියාව, බහරේනය, බංග්ලාදේශය, බොස්නියාව සහ හර්සගොවිනා, කැනඩාව, චැඩ්, චිලී, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, යුරෝපා සංගමය, ෆීජි, ගැම්බියාව, ජර්මනිය, ඝානාව, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, මෝල්ඩෝවා, මොන්ටිනිග්‍රෝ, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, නයිජීරියාව, පැනමාව, පිලිපීනය, පෝලන්තය, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ස්වීඩනය, සිරියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය , එක්සත් ජනපදය, සිම්බාබ්වේ සහ සැම්බියාව යන රටවල තානාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෝ
60කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා එක්ව ඇති බව වාර්තා වේ.
BAPS හින්දු මන්දිරයේ ප්‍රධාන ස්වාමි Swami Brahmaviharidas විසින් මන්දිරයේ ඓතිහාසික වැදගත්කම සහ ඉදිකිරීම් ක්‍රියාවලිය පිළිබදව දේශනයකදී පැහැදිලි කර ඇත.
එම පිරිසට සංචාරය සිහිපත් කිරීම සඳහා, මන්දිරයේ රූපයක් සහිත ළමුන් විසින් අතින් පින්තාරු කරන ලද අලංකාර ගලක් පිරිනමන ලදී.
මෙම සංචාරය සාමය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික අන්තර්ක්‍රියා වර්ධනය කිරීම සහ සහභාගී වන රටවල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වී ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart