
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් කිරුළ අඛණ්ඩව දෙවැනිවරටත් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය අද සමත්විය.
ඩුබායිහිඳි පැවැති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානු කණ්ඩායම ලකුණු 59කික් පරාජයට පත්කරමින් බංග්ලාදේශය එම ජය ලබාගත්තේය.
කාසියේ වාසිය ජයගත් ඉන්දීය කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 198ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එම ඉලක්කය හඹායෑමට පිටියට පිවිසියද, බංග්ලාදේශයේ ප්‍රබල පන්දුයැවීම හමුවේ පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ ලකුණු 139කට ඉන්දීය කණ්ඩායමේ ඉනිම සීමාවිය.
ඒ අනුව, බංග්ලාදේශය වයස අවුරුදු 19න් පහළ ආසියානු ශුරතාව අඛණ්ඩ දෙවැනිවරටත් ජයග්‍රහණය කිරීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart