
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කම්කරු අමාත්‍ය ටියුලිප් සිද්දික් අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ බලධාරීන් වරෙන්තු නිකුත් කර තිබේ.
අගෝස්තු මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද ඇගේ නැන්දා වන හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට එරෙහිව සිදුකරන දූෂණ සහ වංචා පිළිබඳ පුළුල් විමර්ශනයේ කොටසක් ලෙස බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසම, සිද්ධික්ට නීතිවිරෝධී ලෙස ඉඩම් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියි.
ඉකුත් ජනවාරි මාසයේදී භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම් ධූරයෙන් ඉවත් වූ හැම්ප්ස්ටඩ් සහ හයිගේට් මන්ත්‍රීවරිය තවත් 50කට වැඩි පිරිසක් සමඟ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත් සිද්ධික් වෙනුවෙන් පෙනීසිටින නීතීඥයන් ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් කියාසිටියේ එය දේශපාලනික පළිගැනීමක් බවයි.
බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසම විසින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පිළිබඳව සිද්ධික්ට දැනුම් දී නොමැති බව ද ඇගේ නීතිඥවරු පවසති.
බ්‍රිතාන්‍යය විසින් බංග්ලාදේශය ලැයිස්තුගත කර ඇත්තේ 2B පිටුවහල් කිරීමේ රටක් ලෙසයි.
එයින් අදහස් වන්නේ ඇමතිවරුන් සහ විනිසුරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart