
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්තානය සමග පවත්වන තරග අතරතුරදි ක්රීඩකයින් අතර සිදුවන සිදුවීම් ප්රෙක්ෂකයන්ට වැදගත්වුවද එය කණ්ඩායම් වල ක්රීඩකයින්ට වැදගත් නොවන බව බංග්ලාදේශ ක්රිකට් නායක සකීබ් අල් හසන් පවසයි.
ආසියානු කුසලාන තරගාවලිය ගැන අදහස් දක්වමින් සකීබ් පවසා සිටියේ තමන් ‘එදිරිවාදිකම්’ යන වචනයට අකමැති බවය.
බංග්ලාදේශය, ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සමග ක්රීඩා කිරිමේදි පසුගිය කාලයේ වඩාත් තරගකාරි වූ බවත් තමන් කණ්ඩායම් ලෙස ජයග්රහණය සඳහා උපරිමය සිදුකරන බවත් ඔහු පවසයි.
තරග අතරතුර සිදුවන සිදුවිම් ප්රෙක්ෂකයන්ට හොද බවත්, ඒ තුළින් ක්රීඩාවට යහපත් යමක් සිදුවීම ගැටලුවක් නොවන බවත් පවසන සකීබ් අල් හසන් වැඩිදුරටත් කියාසිටියේ, ලීග් තරග තුළින් කණ්ඩායම්වල ක්රීඩකයන් හොඳින් දැන හඳුනන බැවින් තරගවලින් පසු මතගැටුම් තත්ත්වයන් ඇති නොවන බවයි.
ආසියානු කුසලාන තරගාවලියෙදි ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ලබන 31 වනදා මහනුවර පල්ලේකැලේදී පැවැත්වෙන අතර ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ලබන මස 03වැනිදා ලාහෝර් හිදී පැවැත්වේ.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන බංග්ලාදේශය කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart