
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබේ.
රාවල්පින්ඩි හි ඊයේ පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයගනිමින් බංග්ලාදේශය සිය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරගන්නා ලදී.
ඒ අනුව,අන්තර්ජාතික ක්‍රිකට් වරම් හිමි රටවල් අතර බංග්ලාදේශයට ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් වලට එරෙහිවය.
එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයක් කඩුලු 10කින් ජයගත් පළමු අවස්ථාව ලෙස පාකිස්ථානයට එරෙහිව ජයගත් තරගය හඳුන්වාදිය හැකිය.
මෙම තරගයේ පළමු ඉනිම සදහා පාකිස්ථානය කඩුලු 06ක් දැවී තිබියදී ඉනිම අත්හ්ටවනු ලැබුවේ ලකුණු 448ක් ලබා සිටියදී වුවද, සිය කණ්ඩායම එතරම් සුළුවට නොතකන ලෙස බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානයට පෙන්නුම් කළේ, ටෙස්ට් ඉනිමකදී ඔවුන් රැස්කළ තුන්වැනි හොඳම ඉනිම වාර්තා කරමිනි.
බංග්ලාදේශය පළමු ඉනිමට 565ක් රැස්කළ අතර, එහිදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කළේය.
දෙවැනි ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථාන කණ්ඩායම ලකුණු 146කට සීමාකිරීමට බංග්ලාදේශය සමත්විය.
ඒ අනුව, ලකුණු 30ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ඉතිහාසයේ ඓතිහාසික ජය වාර්තා කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart