
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවති දෙවැනි T20 තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග තුනකින් යුත් T20 තරගාවලිය කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසුවෙයි.
ඊයේ තරගයේ බංග්ලාදේශ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලකුණු 165ක් රැස්කළේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් රැස්කළහ.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 32ක් රැස්කර ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය එම ඉලක්කය පන්දුවාර 18යි එක් පන්දුවක් තුළදි සපුරා ගත්තේ කඩුලු 02ක් දැවි ලකුණු 170ක් ලබා ගනිමිනි.
මෙම තරගයේදි සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ වැදී කඩුලු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් ලබා ගත් උඩපන්දුව බංග්ලාදේශ තෙවැනි විනිසුරු විසින් දැවියෑමක් නොවන බවට තීරණය කිරීම හේතුවෙන් චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ ඒ පිළිබඳ පිටියේ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කළහ.
ක්‍රිඩා විස්තර විචාරකයන් ද තෙවැනි විනිසුරුගේ අසාධාරණ තීරණය දැඩිව විවේචනය කරන ලදි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart