
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැඩි මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ පාඩු ලබන ජාතික රුපවාහිනියේ ‘චැනල් අයි’ නාලිකාව දිගු කාලීනව බදුදීම සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
ක්‍රීඩා සහ විනෝදාස්වාද වැඩසටහන් විකාශනය කිරීම සඳහා දිගු කාලීන පදනම මත රජය සතු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මෙම නාලිකාවේ විකාශන කාලය දැනට ලයිකා සමුහ ව්‍යාපාරය (Lyca Group) වෙත කෙටි කාලීන පදනම මත බදු දී ඇත.
මෙම තීරණය සඳහා අනුමැතිය ඉල්ලා ගුණවර්ධන ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද, රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී නාලිකාව පවත්වාගෙන යෑමේ උත්සාහයක් බැවින් ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය නොවන බව කැබිනට් මණ්ඩලය ඔහුට දන්වා තිබිණි.
‘චැනල් අයි’ හි විකාශන කාලය ක්‍රීඩා වැඩසටහන් විකාශනය කිරීම සඳහා රුපියල් මිලියන 25කට ලයිකා සමූහ ව්‍යාපාරයට බදු දී ඇති අතර මාසයක දැනුම්දීමක් සහිතව කල්බදු ගිවිසුම අවලංගු කිරීමේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බව ඇමැති ගුණවර්ධන පවසයි.
චැනල් අයි නාලිකාව දීර්ඝ කාලීන බදු පදනම මත ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කරන බවත්, අවම වශයෙන් මසකට රුපියල් මිලියන 25ක බදු මුදලක් මත එය ලබාදෙන බවත් ගුණවර්ධන ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart