
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් දරුවන් කෘෘරත්වයට පත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
සිවුරු පොරවාගත් පුද්ගලයෙකු, කාන්තාවක්, දරුවෙක් හා දැරියක් ගෙයින් ගෙට ගොස් සිඟමන් යදින බවට බම්බලපිටියේ ශාන්ති විහාරයේ වැඩවසන භික්ෂුවක් පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අවුරුදු 38ක් වූ ගලහේනකන්ද, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම පුද්ගලයා සතුව භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති අතර, ඔහු නාරම්මල ප්‍රදේශයේ පිරිවෙනක පෙදරේරුවෙකු ලෙස සේවය කර කෙටි කාලයක් විහාරස්ථානයක පැවිදිව සිට ඇති බවත් පසුව එම විහාරස්ථානය හැර ගිය අයෙකු බවටත් අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා සමග සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවා සහ අවුරුදු 14ක ගැහැනු දරුවා ඔහුගේ බවට අනාවරණය වී ඇති නමුත්, එම පුද්ගලයා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන්ව කෘෘරත්වයට පත්කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පිරිස සමඟ සිටි භික්ෂුණියකට ලියාපදිංචි භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ තිබී ඇති අතර, දරුවන් ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart