
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ නෞකාවක් ගැටී බැල්ටිමෝර් නගරයේ පාලමක් කඩාවැටීමෙන් සිදුව ඇති අනතුර වෙනුවෙන් මෙතෙක් ගෙවීමට සිදු වූ විශාලතම තනි සමුද්‍ර රක්‍ෂණ වන්දිය ගෙවීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය රක්‍ෂණ වෙළඳපොළ ප්‍රකාශ කරයි.
නෞකාවක් පාලම මතට කඩාවැටීමෙන් පුද්ගලයන් 06 දෙනකු මියගිය බවට අනුමාන කර ඇති අතර කිමිදුම්කරුවන් විසින් මළසිරුරු දෙකක් සොයාගෙන තිබේ.
විශේෂඥයන් පවසන්නේ, අනතුරේ හානිය ඩොලර් බිලියන 3ක් (පවුම් බිලියන 2.3) තරම් විය හැකි බවයි.
ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් නීල් පවසා ඇත්තේ, “එය නිසැකවම ඉතිහාසයේ විශාලතම සමුද්‍ර අලාභයක් වනු ඇතැයි මම කියමි” යනුවෙනි.
නීල් පවසන්නේ, පාලමට කඩා වැටුණු වරාය සහ නෞකාව ද රක්ෂණය කර ඇති බවයි.
මේරිලන්ඩ් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට ඇමෙරිකානු මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 60 ක හදිසි අරමුදල් ඉල්ලා ඇත්තේ සිද්ධියෙන් පසු සුන්බුන් ඉවත් කිරීමට සහ පිරිසිදු කිරීමට උපකාර කිරීම සඳහා ය.
බල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබුණක් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ, පාලමට සිදුවන හානිය ඩොලර් බිලියන 1.2 ක් පමණ විය හැකි අතර රක්ෂණ සමාගම් මරණ සඳහා ඩොලර් මිලියන 350 සිට ඩොලර් මිලියන 700 දක්වා ගාස්තුවලට මුහුණදිය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart