
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලුකිස්ථානයේ වයෝවෘද්ධ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලුකිස්ථානයේ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (The China-Pakistan Economic Corridor) අධිවේගී මාර්ගය අවහිර කර ඇති බව බලුකිස්ථාන් පෝස්ට් වාර්තා කර තිබේ.
අතුරුදන් වූ පුද්ගලයාගේ පවුලේ අය අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවද එටර මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන් වූ පුද්ගලයා Balochistan ප්‍රාන්තයේ කෙච් (Kech) දිස්ත්‍රික්කයේ Wahid Bakhsh ලෙස හඳුනාගෙන ඇත.
පාකිස්ථාන හමුදා විසින් කෙච්හි ප්‍රදේශයේ සිදු කරන ලද නිවසක් වැටලීමකදී මෙම පුද්ගලයා බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මහාමාර්ගයේ වාඩි වී සිටින අතරතුර, පාකිස්ථාන හමුදා විශාල සංඛ්‍යාවක් විරෝධතාකරුවන් වටකර තුවක්කු පෙන්වා ඇති අතර, එම අවස්ථාවේදී ගැටුමක් ඇති වී තිබේ.
මෙම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇත.
එසේම, එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres වෙත Baloch මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශයක් ලැබි තිබේ.
එමගින් මෑත වසරවල බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතන පිළිබඳ සිද්ධීන් ඉස්මතු කරයි.
මෙම ප්‍රකාශය අන්තර්ජාලය හරහා යවා ඇති අතර පෙබරවාරි 26 සිට අප්‍රේල් 5 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart