
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ බලුකිස්තානයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සම්බන්ධයෙන් Baloch American Congress කනස්සල්ල පළ කර තිබේ.
පසුගිය අගහරුවාදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ලිපියක් ලියා ඇති අතර, බලුකිස්තානයේ තත්වය පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් යොමුකර ඇත.
“බලුකිස්තානයේ තත්වය ඔබගේ හදිසි අවධානය යොමු කළ යුතු බවයි. ඔබගේ මැදිහත්වීමෙන් ජීවිත රැසක් බේරා ගැනීමටත් අතුරුදහන් වූ අසංඛ්‍යාත පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දුක් වේදනා සමනය කිරීමටත් හැකි වේ. බලූච් ජනතාවට යුක්තිය ඉටු කරන ලෙස අපි ඔබෙන් තරයේ ඉල්ලා සිටිමු.” එම ලිපියේ දක්වා තිබිණි.
මානව හිමිකම් සංවිධානවල දත්ත උපුටා දක්වමින් Baloch American Congress ලිපියේ සඳහන් කර ඇත්තේ, 2023 ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සිසුන්, ගුරුවරුන් සහ ලේඛකයන් ඇතුළු පුද්ගලයන් 274 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
එසේම, 2007 සිට බලුච් දේශපාලන ක්‍රියාකාරීන්, නායකයන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් 5000ක් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවද එම දත්ත මඟින් අනාවරණය වී ඇත.
බලුච් ජනතාවට අඛණ්ඩව සිදුවන අමානුෂික සහ මර්දනකාරී සැලකීම සම්බන්ධයෙන්, Baloch Yakjehti කමිටුව, Mahrang Baloch ගේ නායකත්වය යටතේ, කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්ගේ වැඩ වර්ජනයක් සංවිධානය කළ බව Baloch American Congress වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart