January 8, 2026

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ඒ අනුව, අද (08) නඩුව කැඳවූ අවස්ථාවේදී මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්. නානායක්කාර විසින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කරන ලදී.

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දගොඩගේ රාජකාරිවලට බාධාකිරීම සම්බන්ධයෙන් ඔහු පසුගියදා මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.