
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබා දී ඇත.
පසුගිය වසරේ වොෂිංටනයේ පාකිස්ථාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත කේබලයකට අදාළව එය ප්‍රසිද්ධියට පත්කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
කෙසේවෙතත්, රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාවට ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කෙරී ඇත.
කෙසේවෙතත් ඛාන්ට එරෙහිව තවත් නඩු කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු කිහිපයක් නිකුත් කර ඇති බැවින් ඛාන් සිරෙන් නිදහස් වේද යන්න පැහැදිලි නොමැති බව ඔහුගේ නීතීඥයකු වන සල්මන් සෆ්දාර් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart