
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සහ සේවා සැපයීම ඉහළ නැංවීමේ අරමුණින් බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට උසස් කර තිබේ.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ මුළු ශික්ෂණ රෝහල් සංඛ්‍යාව 22 දක්වා ඉහළ යයි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ලෙස නම් කර ඇති දස මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (26) මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 2.26ක මුල්‍ය ප්‍රතිපාදන සහිත ඉදිකිරීම් කටයුතු 2025 දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල මීළඟ පරම්පරාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පුහුණු කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart