
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාබර් අසාම් පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථාන කණ්ඩායම ලැබූ අසාර්ථකත්වය හේතුවෙන් බාබර් මෙම තීරණය ගෙන ඇත.
එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස යන ආකෘති තුනේම කණ්ඩායම් නායකත්වයෙන් තමා ඉවත්වූ බව බාබර් අසාම් X(ට්විටර්) පණිවිඩයක් තබමින් ප්රකාශ කර ඇත.
කෙසේවෙතත් තමා තවදුරටත් ආකෘති තුනේම තරග සඳහා පාකිස්තානය නියෝජනය කරන බවද, නව නායකයා සමග සිය අත්දැකීම් බෙදාගැනීමට සූදානමින් සිටින බවද බාබර් අසාම් වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart