
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුසාෆරාබාද් හි සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් මර්දනය මධ්‍යයේ පාකිස්ථානය ආක්‍රමණය කරන ලද ජම්මු කාශ්මීරයේ අවාමි ක්‍රියාකාරී කමිටුව විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී ඇත.
උද්ධමනයට එරෙහිව ක්‍රියාත්මක එම විරෝධතා ඉකුත් සිකුරාදා ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වර්ධනය වී තිබේ.
එහිදී පොලිසිය මුසාෆරාබාද් අගනුවර පෙලපාලිකරුවන්ට පහර දී ඇති අතර විරෝධතාකරුවන් ද නොසන්සුන්ව කටයුතු කිරීම හමුවේ අර්බුධය තීව්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රථ වාහන ධාවනය කඩ සාප්පු වසා දැමීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය අඩාල වී ඇත.
කෙසේවෙතත් විරෝධතා ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ ෂවුකට් නවාස් මිර්, අත්අඩංගුවට ගැනීමට පොලීසියට මෙතෙක් නොහැකි වී ඇති අතර ඔහු ජනතාව වෙනුවෙන් ප්‍රමුඛ හඬක් නගමින් සිටියි.
මුසාෆරාබාද් නගරය පුරා රැස්වීම් අමතමින්, ඔහු එම අරගලය දිගටම කරගෙන යාමේ අධිෂ්ඨානය අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ඔබේ කලාපය සුරැකීමට, ඔබේ අනන්‍යතාවය සුරකින ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ඔබේ අනන්‍යතාවය නොවෙනස්ව පැවතුනහොත්, සියල්ල කළ හැකි වනු ඇත, එසේ නොවුවහොත්, කිසිවක් සාක්ෂාත් කරගත නොහැක, මෙම දිගු සටනට සහ ඔබ සටන් කරන බවට ඔබ සියලු දෙනා කෙරෙහි මට විශ්වාසයක් ඇත. සාමකාමීව සටන් කළ යුතුව ඇත.” යනුවෙනි.
අවාමි ක්‍රියාකාරී කමිටුව බදු රහිත විදුලිය සහ තිරිඟු පිටි සඳහා සහනාධාර ඉල්ලා මුසාෆරාබාද් හි මෙම විරෝධතාව සංවිධාන කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart