
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටිබෙටයේ බටහිර දෙසින් පිහිටි Ngari ප්‍රාන්තයේ චීන බලධාරීන් එහි ගුරුවරුන්ට සහ සිසුන්ට පවසා ඇත්තේ, මහජන චීන සමූහාණ්ඩුව (PRC) වෙත පක්ෂපාතීව දිවුරුම් දෙන ලෙසත්, චීනය විසින් ‘ඊනියා බෙදුම්වාදී ව්‍යාපාරයක් ලෙස හඳුන්වා ඇති දලයි ලාමාතුමාගේ වැඩසහටහන් හෙළා දකින ලෙසත් ය.
ප්‍රාන්තයේ ප්‍රාථමික හා මධ්‍යම පාසල්වල තෝරාගත් ගුරුවරුන් සහ සිසුන් 400කට වැඩි පිරිසක් කැඳවා පැවැත්වූ විශේෂ “බෙදුම් විරෝධී” වැඩමුළුවකදී චීන බලධාරීන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන් වේ.
වැඩමුළුවට සහභාගීවූවන්ට “රාජ්‍ය මතවාදයට තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන ලෙසත්, බෙදුම්වාදය සහ ශුද්ධෝත්තම දලයි ලාමාතුමා හෙළාදකින ලෙසත්”, එසේම “පාසල්වල ආගමික කටයුතුවලින් වළකින ලෙසත්” දැනුම්දී ඇතැයි ටිබෙට් පුවත් සේවා වාර්තා කරයි.
“රාජ්‍ය මතවාදයට තම පක්ෂපාතීත්වය ලබාදීමට සිසුන්ට ඉගැන්වීමට ගුරුවරුන් සහතික විය යුතුය,” යනුවෙන් සටහන් කරන ලද ලිඛිත පණිවිඩයක් ද එහිදී නිකුත් කර ඇත.
මෙම ‘බෙදුම්වාදයට එරෙහි ව්‍යාපාරය’ පැහැදිලිවම චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් ආරම්භ කර ඇති වාර්ගික සුළුතර ප්‍රදේශයක් වන Sinicization කෙරෙහි නව අවධානය යොමුකිරීමේ කොටසකි.
එය මිලියනයකට ආසන්න ටිබෙට් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්කර ටිබෙට් සංස්කෘතියෙන් කොමියුනිස්ට් පක්ෂයට පක්ෂපාතී චීන පුරවැසියන් ලෙස මාරුකිරීම සඳහා වූ වැඩසටහනකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart