
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඇතුළත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ආබාධයකට ලක්ව සිටින පැතුම් නිශ්ශංක වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු නම් කිරීමට නියමිත අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග දෙකක තහනමකට ලක්ව සිටින නායක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා ඇති බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
සංචිතයට ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරා මේ වනවිට රෝගාතුරව සිටින හෙයින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව නිසි මට්ටමක නොපවතින්නේ නම් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අවස්ථාවක් හිමිවිමට ඉඩ ඇති බව වාර්තා වේ.
වනිඳු හසරංගට නායකත්වය අහිමි වන පළමු T20I තරඟ දෙකේදී චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේ බංග්ලාදේශය බලා පිටත්ව යන අතර, ලබන මස 04 වැනිදා පළමු T20 තරඟයට සහභාගී විමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart