
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ මතභේදාත්මක පන්දු හුවමාරුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් කනස්සල්ල පළකර තිබේ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආන්දෝලනාත්මක ලෙස පන්දුව වෙනස් කිරීම විස්තර විචාරකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේද විවේචනයට ලක්විය.
41 වැනි ඕවරයෙන් පසු මෙම සිදුවීම සිදුවූයේ ඔපය වෙනස්වූ ඩියුක්ස් පන්දුවක් ආදේශ කරන ලෙස එංගලන්තය කළ ඉල්ලීමට විනිසුරුවන් වන ක්‍රිස් ගෆනි සහ පෝල් රීෆල් එකඟවීමත් සමඟය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් පවසා ඇත්තේ, එංගලන්තය නුසුදුසු ආකාරයෙන් පන්දු හුවමාරුවක් සිදුකර ඇති බවයි.
“අවාසනාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 169ක් ඉදිරියෙන් සිටි අතර, මෙන්ඩිස් නොදැවී 101ක් ලබා සිටියේය. එහෙත් එංගලන්තය දැඩි පන්දුවකට සැහැල්ලු පන්දුව හුවමාරු කිරීමෙන් අනතුරුව වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගිය බව දැකගත හැකි විය,” ඔහු පවසයි.
පසුගිය ග්‍රීෂ්මයේ පැවැති පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේදීද එංගලන්තය මෙලෙසින්ම පන්දු හුවමාරුවක් සිදුකරමින් වාසි ලබාගත් බව ඔහු පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart