
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සහ පිලිපීනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුධය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රිචඩ් මාර්ල්ස් පැවසුවේ බටහිර පිලිපීන මුහුදේ ජල ප්‍රහාරක භාවිතය සහ පිලිපීන යාත්‍රාවලට පහර දීම වැනි චීනය සිදු කරන ක්‍රියා බරපතල ආතතීන් උත්සන්න කිරීමක් බවයි.
චීනයේ එම පියවර එක්සත් ජාතීන්ගේ නීතිය පිළිබඳ සම්මුතියට නොගැලපෙන බව ද ඔහු අවධාරණය කළේය.
ඔහු එම අදහස් පළ කර ඇත්තේ සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රි-ලා සංවාදයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ආසියා-පැසිෆික් කලාපයේ සාමූහික ආරක්ෂාව ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිචඩ් මාල්ස් ප්‍රකාශ කළේ තායිවානය සම්බන්ධයෙන් චීනයේ හැසිරීම ද ඒ හා සමාන සැලකිල්ලක් ඇති කරන බවයි.
ස්වෛරී රාජ්‍ය ආක්‍රමණයට චීනය සහාය නොදක්වන බව වචනයෙන් සහ ක්‍රියාවෙන් පැහැදිලි කරන ලෙස ද ඔහු චීනයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart