
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳව අධ්‍යයනය කර ඇත.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් අද ආදිවාසී ප්‍රධානී ඌරුවරිගේ වන්නියලෙත්තෝ හමුවිය.
ඌරුවරිගේ වන්නියලෙත්තෝ ඇතුළු ආදිවාසී ප්‍රජාව අද මුණගැසී ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳව දැනගැනීමට ලැබීම ගෞරවයක් බව මහකොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
“තිරසාර ජීවනෝපායන් ගොඩනැගීමට සහ සංස්කෘතියට සහ රටට සම්බන්ධ වීමට ඔවුන් දරන ප්‍රයත්නයන්හිදී මම ඕස්ට්‍රේලියාවේ ආදීවාසී ප්‍රජාවන් සමඟ සමානකම් දකිමි” යැයි මහ කොමසාරිස්වරයා පවසා තිබේ.
ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ගේ ප්‍රජාවන් විවිධ සහ වෙනස් ආදිවාසී මෙන්ම ටොරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන් යන කණ්ඩායම් වලින් සමන්විත වේ. ඒ සෑම එකකටම තමන්ගේම සංස්කෘතිය, භාෂාව, විශ්වාසයන් සහ භාවිතයන් ඇත.
ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන් ඕස්ට්‍රේලියාවේ පළමු ජනතාව වේ, එයින් අදහස් කරන්නේ ඔවුන් යටත් විජිතකරණයට පෙර වසර දහස් ගණනක් එම භුමියේ සිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart