
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) සමත්විය.
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පසවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව හැකියාව ලැබිණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 181ක් රැස්කළේය.
අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවු ලකුණු 162ක පහසු ඉලක්කය කඩුලු 04ක් බිඳවැටී තිබියදී සපුරා ගනිමින් තරගය ජයගත්තේය.
ඒ අනුව, ලබන ජුනි මස 11 වැනිදා ලොර්ඩ්ස්හිදී දකුණු අප්‍රිකාව සමග ඕස්ට්‍රේලියාව ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart