
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු ආනයනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ විදුලි සැපයුමට ඇති විය හැකි අවදානම් පිළිබඳව බරපතල ගැටළු මතුකර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී සභානායක බිමල් රත්නායක විසින් වාර්තාව සභාගත කරන ලදී.
කෙසේවෙතත්, වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදාහැර නොමැති බවට විපක්ෂ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්නට පැමිණිලි කළහ.
ලේඛනය සැපයීම ලේකම් කාර්යාලයේ වගකීමක් බව කථානායකවරයා එහිදී පැවසීය.
පොදු ව්‍යවසාය කාරක සභාව විසින් ඉල්ලා සිටි මෙම විගණනයේදී, ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදීගැනීම් සහ 2025/2026 වාරය සඳහා ප්‍රසම්පාදනය පරීක්ෂා කර ඇත.
විගණකාධිපතිවරයාට අනුව, මතභේදාත්මක සැපයුම්කරුවකු වන ට්‍රයිඩන්ට් සමාගම සඳහා පැටවුම් වරායේ ගුණාත්මක වාර්තා නිකුත් කළ රසායනාගාරයේ බලපත්‍රය අවලංගු කර තිබේ.
එසේ තිබියදීත්, සමාගමට ලියාපදිංචිය සම්පූර්ණ කිරීමටත් පෙර ටෙන්ඩරයක් ප්රදානය කර ඇත.
ලියාපදිංචි නොකළ තවත් සැපයුම්කරුවන් තිදෙනෙකුට ද ලංසු ඉදිරිපත් කිරීමට අවසර දී තිබේ.
පරීක්ෂණ ක්‍රියාපටිපාටි සමඟ තවත් ගැටළු වාර්තාවෙන් හෙළිකර ඇත.
ගල්අඟුරු නැව්ගත කිරීම් සාමාන්‍යයෙන් පැටවීමේ සහ බෑමේ වරායන් දෙකෙහිම පරීක්ෂා කරනු ලැබේ.
පැටවුම් වරායේදී, පරීක්ෂණ කටයුතු දකුණු අප්‍රිකාවේ මිත්‍රා එස්කේ වෙත පවරන ලද නමුත්, ප්‍රතීතනය(Accreditation) නොමැතිකම හේතුවෙන්, කාර්යය ඉන්දුනීසියානු සමාගමක් වන පීටී මිත්‍රා එස්කේ ඇනලිසා ටෙස්ටමා සමරින්ඩා වෙත පවරා ඇත.
මෙම සමාගමේ බලපත්‍රය 2025 දෙසැම්බර් 29 වැනි දින වන විට අවලංගු කර ඇති අතර, එය අලුත් කර ඇත්ද යන්න පැහැදිලි නැත.
පැටවුම් වරායෙන් නැව්ගත කිරීමේ වාර්තා 12ම නිසි ප්‍රතීතනයක් නොමැති බව සොයාගෙන ඇත.
පැටවුම් වරාය වාර්තා සහ බලාගාරයේ පාලන පද්ධතියේ දත්ත අතර වෙනස්කම් ද විගනණයෙන් හෙළිකර තිබේ.
මෙම විෂමතා හෙළිකරගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම විකල්ප ක්‍රම භාවිත කර නැත.
ඉහළ ඉල්ලුමක් තිබියදීත්, 2025 නොවැම්බර් 13 සහ දෙසැම්බර් 30 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ගල්අඟුරු නෞකා කිසිවක් පැමිණ නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
එම හිඟයන් හේතුවෙන්, කළින් අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වූ සැපයුම්කරුවකු වන ටරන්ජොට් රිසෝර්ස් පෞද්ගලික සමාගමෙන් මාර්තු මාසයේදී හදිසි මිලදී ගැනීමක් සිදුකර ඇත.
ප්‍රසම්පාදන සහ තත්ත්ව පාලනයේ එවැනි අසමත්වීම් ලක්විජය බලාගාරයේ අඛණ්ඩ විදුලි සැපයුමට තර්ජනයක් විය හැකි බවට විගණනයෙන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart