
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රසිද්ධ ඝාතන 11කට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ලඝු නොවන නඩු පැවරීමකින් තොරව සෘජුවම අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.
ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර පොලිස් නිලධාරීන් සහ පාතාල කණ්ඩායම්වල සාමාජිකයන් ද වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉල්ලීමක් මත, නීතිපතිවරයා මෙම විශේෂිත නඩු පිළිබඳ සළකා බලා, මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණවල ලඝු නොවන නඩු පැවරීමකින් තොරව මහාධිකරණයේ සෘජුවම අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර ඇත.
මෙම ප්‍රසිද්ධ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වී ඇති බවත්, සැකකරුවන්ට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පෙර මෙම නඩු සම්බන්ධයෙන් ලඝු නොවන නඩු පැවරීම කාලය ගතවන කාර්යයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට දන්වා ඇත.
මෙම නඩු විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත වුවහොත්, මෙම නඩුවල සාක්ෂිකරුවන්ට විවිධ තර්ජන එල්ල විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අතර මෑතකදී පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මෙම රැස්වීමට සහභාගී වූ අනෙකුත් අය අතර රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ද වූහ.
කළුතරදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය යෑම, කරන්දෙණියේදී වෛද්‍යවරයකු ඝාතනය කිරීම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) අත්අඩංගුවේ සිටි ඉංජිනේරුවකු ඝාතනය කිරීම, පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැළකෙන ‘කොහුවල බබී’ ඝාතනය, පොලිස් නිලධාරීන් සැකකරුවන් ලෙස සැළකෙන ඇල්පිටිය ද්විත්ව ඝාතනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරී නියෝමාල් රංගජීව ඝාතනය කිරීමට තැත් කිරීමේදී දරුවකුට මාරාන්තික වෙඩි තැබීම, රත්ගමදී සිදු වූ ඝාතන කිහිපයක් සහ පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැළකෙන ‘ගනේමුල්ල සංජීව’ට අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තැබීම වැනි සිද්ධීන් ඇතුළත් වේ.
ඉහත ඝාතනවලට අදාළ සෑම විමර්ශන ගොනුවකම සළකා බැලීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart