
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය මගහැරීමට කිසියම් පාර්ශ්වයක් දරන උත්සාහය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සළකන බවත් එවැනි ක්‍රියාවක කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි.
තම පෞද්ගලික සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින්, පොලිස්පති ධූරය සහ එහි නීතිමය බලපෑම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සමාලෝචනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු අවධාරණය කරන්නේ, කැබිනට් මණ්ඩලයේ ඉදිරි තීරණය කුමක් වුවත්, මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් අවසන් තීන්දුවක් ලැබෙන තෙක් දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම නීත්‍යානුකූලව තහනම් බවයි.
“මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දැන් ක්‍රියාත්මකයි. කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ. තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැක. ඕනෑම පාර්ශ්වයක් විසින් අධිකරණ නියෝගය කඩකිරීමට දරන ඕනෑම උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමක් වන අතර කිසිදු නීතිමය බලයක් නොමැත.” ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart