
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර උතුර, ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත වැඩසටහනකට සහභාගී වී සිටිය දී නදිමාල් පෙරේරා පහරකෑමට ලක්ව ඇති බව වාර්තා වේ.
පහර කෑමෙන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබා තිබේ.
පහරදුන් බව කියන මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු මෙලෙස පහර දී ඇති බව වාර්තාවේ.
මේ අතර මෙම ගැටුම සමථයකට පත්කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු ද පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පහරදීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart