
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලිය 2 -1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ තෙවැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජයගනිමින්.
වර්ෂාව හේතුවෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ නවසීලන්ත ඉනිම පන්දුවාර 31කට සීමා විය
පන්දුවාර 31 තුළ නවසීලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 127ක් රැස් කර ගත්හ.
ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 29කදී අවශ්‍ය වූ ඉලක්කය ලකුණු 196කි්
පන්දුවාර 26 යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 80කදී නොදැවී ලකුණු 140ක් ලබා ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වීය.
චමරි මෙම තරගාවලිය තුළ රැස්කළ දෙවන ශතකය මෙය වන අතර ඇගේ 8 වැනි එක්දින ශතකය ද වේ.
කාන්තා එක්දින පිටියේ වැඩිම ශතකලාභිනියන් අතර සිව්වැනි ස්ථානයට පත් වීමට ද ඒත් සමගින් චමරි අතපත්තු සමත් විය.
චමරි සහ නිලක්ෂි අතර තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 190ක සම්බන්ධතාවක් ගොඩ නැගුණු අතර එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාවය ද වේ.
ඒ අනුව නවසීලන්තය සමග පැවැති තරග තුනකින් සමන්විත තරගාවලිය 2 -1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පළමුවරට තරගාවලි ජයක් වාර්තා කිරීමට ද සමත් වූහ.
චමරි අතපත්තු තරගාවලියේ වීරවරිය ලෙස ද සම්මානයට පාත්‍ර විය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart