
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදගම පොලිස් වසමට අයත් නන්නපුරාව අරාටුමැඩිල්ල ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙක්ට බරපතළ ලිංගික අතවර කළ 26 හැවිරිදි පුද්ගලයකු මැදගම පොලීසිය මඟින් (13දා) අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත් තරුණයා නන්නපුරාව අරාටුමැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, කොටබෝව ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහරක් නැරඹීමට යමින් සිටියදී නිවස අසල වෙළෙඳසැලේ පුද්ගලයකු හමුවී ඇත.
ඔහුද පෙරහර බැලීමට යන බව පවසා ඇති අතර, ඔහුගේ යතුරුපැදියෙන් ගොස් පෙරහර බලා රාත්‍රී එකොළහට පමණ ආපසු එමින් සිටියදී ප්‍රදේශයේ රඹුටන් වත්තකට කැඳවාගෙන ගොස් මරණ බවට තර්ජනය කොට බරපතළ ලිංගික අතවර සිදුකර නැවත ඔහුව යතුරුපැදියෙන් කඩය අසලට ගෙනැවිත් දමා ඇති බව පැවැසේ.
සිද්ධිය පිළිබඳ පැවසුවහොත් මරණ බවටද ඔහු තර්ජනය කර ඇති බව වින්දිතයා පවසයි.
පසුව මෙම සිද්ධිය අතවරයට පත් වූ අය විසින් ඔහුගේ මිතුරෙකුට දැනුම්දීමෙන් පසුව පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මැදගම නන්නපුරාව ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ පදිංචි 26 හැවිරිදි අස්වර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට පත්වූ අය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මැදගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart