January 30, 2026

මුලතිව් තුනුකායී අධ්‍යාපනය කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බඹර ප්‍රහාරයකින් 27දා සවස මියගොස් තිබේ.

ඇන්තනි ජෝර්ජ් නමැති 53 හැවිරිදි මොහු මුලතිව් මාන්කුලම පාසලේ ඉගෙනුම ලබමින් සිටින සිය දරුවා රැගෙන ඒමට පාසලට ගොස් සිටියදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.

මේ අවස්ථාවේදී පාසල් සිසුන් පස්දෙනකුට ද බඹරුන් දෂ්ට කර ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබේ.

බඹර ප්‍රහාරයෙන් සිහිසුන් වූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු වවුනියාව රෝහල වෙත මාරුකිරීමට පියවර ගනිමින් සිටියදී මියගොස් තිබේ.

පාසල අසල ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා බඹරුන් දෂ්ට කර ඇති බව ඒ පිළිබඳව කළ සොයාබැලීමකදී අනාවරණය වී ඇත.

බඹර කූඩුව එම ස්ථානයෙන් රාත්‍රී කාලයේදී ඉවත් කිරීමට ගම්වාසීන් පියවර ගෙන තිබේ.