
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම, නාබඩවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නකුගේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 100ක වත්කම් දින 7කට අත්හිටුවා ඇති බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
අදාළ පුද්ගලයාට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ලොරියක්, වෑන් රථයක්, කුඹුරු 3ක් සහ අනවසරයෙන් අත්පත් කරගත් බවට සැකකෙරෙන ඉඩම් කැබලි දෙකක් ඇතුළු වත්කම් දින 07ක කාලයකට අත්හිටුවීමට පියවර ගත් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart