
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළ සූදානම් වීම් ඉදිරියට ගනයමින්, එහි වත්කම් පිළිබඳ වෘත්තීය මට්ටමේ තක්සේරු කිරීම් ලබන ඔක්තෝබර් මස අග වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ ‘ද සන්ඩේ මෝනින්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, පිරිපහදුවේ ඉඩම්, ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර ඇතුළු සියලුම වත්කම් පිළිබඳ පූර්ණ තක්සේරුවක් සිදු කිරීම සඳහා ‘EY’ නමැති ප්‍රමුඛ වෘත්තීය සේවා ආයතනය යොදවා ඇති බවයි. මෙම තක්සේරු කිරීමේ කටයුතු සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවන අතර, එය ඔක්තෝබර් අග වන විට අවසන් කිරීමට නියමිතය.
සපුගස්කන්ද පිරිපහදුවට අදාළ යෝජනා කැඳවීමේ ලේඛනය ද සකස් කරමින් පවතින අතර, එම ලේඛනය අවසන් අදියරේ පවතින බවත්, අදාළ ව්‍යාපෘති කමිටුව මගින් හඳුනාගත් සියලුම අවශ්‍යතාවයන් නිසි පරිදි ඇතුළත් කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා එය කිහිප වරක්ම සමාලෝචනයට ලක්කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
1969 වසරේදී ආරම්භ කරන ලද සපුගස්කන්ද පිරිපහදුව, වසර 50කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ එකම බොරතෙල් පිරිපහදුව ලෙස ක්‍රියාත්මක වේ. දිනකට බොරතෙල් බැරල් 50,000ක් පමණ පිරිපහදු කිරීමේ ධාරිතාවයක් පවතින මෙම පිරිපහදුව ඉතා පැරණි එකක් වන බැවින්, එහි ධාරිතාව වැඩි කිරීමට සහ නවීකරණය කිරීමට වගකිවයුතු පාර්ශ්වයන් දීර්ඝ කාලයක සිට සැලසුම් කරමින් සිටියි.
මෙම නව වත්කම් තක්සේරුව මගින් පිරිපහදුවේ පවතින වත්කම් පදනම පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාදෙන අතර, රජය විසින් යෝජනා කැඳවීමේ (RFP) ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමේදී පිරිපහදුවේ අනාගත ආයෝජන සහ සංවර්ධන තීරණ ගැනීමට එය උපකාරී වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart