
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මෑතකදී නිකුත් කළ නවතම පිරිමි ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ස්ථාන පහ බැගින් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව අසිත ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ප්‍රභාත් ජයසූරිය 16 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 22 වැනි ස්ථානයට පත්ව ඇති අතර, නැඟී එන පිතිකරු සොනාල් දිනුෂ ස්ථාන 49ක දැවැන්ත පිම්මක් පනිමින් 54 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.
මේ අතර, ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පසුගිය සතියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලබාගත් කඩුලු 10 ක දක්ෂතාවය හේතුවෙන් සිය ක්‍රීඩා දිවියේ පළමු වතාවට ලොව අංක 01 ටෙස්ට් පන්දු යවන්නා බවට පත්ව තිබේ. ඔහු නවසීලන්තයේ මැට් හෙන්රි සහ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා අභිබවා යමින් ප්‍රසාද ලකුණු 10 ක පරතරයකින් පළමු ස්ථානයට පැමිණියේය.
එංගලන්තයේ හැරී බෲක් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල සිය ප්‍රමුඛස්ථානය රැකගෙන ඇති අතර, ජෝ රූට් සමඟ පවතින ප්‍රසාද ලකුණු පරතරය ලකුණු 24 දක්වා වැඩි කරගැනීමට සමත් විය.
ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පන්ට් ස්ථාන හයක් ඉදිරියට පැමිණෙමින් වසරකට පසුව නැවතත් හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට (07 වන ස්ථානයට) පැමිණි අතර, කේ. එල්. රාහුල් ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් 30 වන ස්ථානයට පත්විය.
ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 165 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට කඩුලු 10 ක් ලබාගනිමින් දායක වූ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක මානව් සුතාර් ස්ථාන 28 ක් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නන් අතර 48 වන ස්ථානය හිමිකරගෙන තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart