
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සත්කාරක චීනය ශුරතාව ජයග්‍රහණය කරමින් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්විය.
රන් පදක්කම් 201 ක්, රිදී පදක්කම් 111 ක් සමගින් ලෝකඩ පදක්කම් 71 ක් ඇතුළුව සමස්ත පදක්කම් 383ක් චීනය දිනාගත්තේය.
දෙවැනි ස්ථානය ජයග්‍රහණය කල ජපානය සමස්ත පදක්කම් 188ක් ලබාගත්තේ රන්පදක්කම් 52ක්, රිදී පදක්කම් 67ක් සහ ලෝකඩ පදක්කම් 69ක් සමගිනි.
කොරියාව තුන්වැනි තැනත් ඉන්දියාවට හතරවැනි තැනත් පදක්කම් සටහනේ හිමිවෙද්දි, ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ දී සමස්ත පදක්කම් 05ක් ජයග්‍රහණය කරනු ලැබීය.
තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම සහ නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ලය විසිකිරීම කාන්තා ඉසව්වෙන් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී පදක්කම් දිනාගනු ලැබීය.
මීටර් 400 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් සහ මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමිවිය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝක වාර්තා 15ක්, ආසියානු වාර්තා 37ක් මෙන්ම,ආසියානු ක්‍රීඩා වාර්තා 170 ක් ද බිහිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart