
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල, එම ඉල්ලීම් හුදු දේශපාලන උපක්‍රම පමණක් බව ප්‍රකාශ කර තිබේ.
බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තුවට සහතික ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ප්‍රශ්න කළ අතර, එය ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බව ද පවසයි.
“පාර්ලිමේන්තුවේ සහතික ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවාද? එවැනි සම්ප්රදායක් තිබෙනවද? මේවා ලාභ උපක්‍රම. ඊට වඩා වැදගත් වැඩ අපි පාර්ලිමේන්තුවේ කරනවා” යැයි පැවසූ අශෝක රන්වල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.
අශෝක රන්වල මීට මාස දෙකකට පෙර කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතුවූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.
තමන්ට එල්ලවන චෝදානා ප්‍රතික්ෂේප කරන අශෝක රන්වල ජපානයේ Waseda විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයකින් සම්පූර්ණ කළ ඔහුගේ ආචාර්ය උපාධිය තහවුරු කිරීමට අවශ්‍ය ඇතැම් ලියකියවිලි දැනට නොමැති බව ද පිළිගත්තේය.
සිය ඉල්ලා අස්වීම ගැන අදහස් පළකරමින් ඔහු පවසන්නේ, තමාට දේශපාලනය යනු කිසිවිටෙක තනතුරු ලබාගැනීම නොවන බවයි.
“පෞද්ගලිකව අපට එන ඕනෑම අභියෝගයකදී අපි මුල්තැන දෙන්නේ රට සහ ජනතාවයි. ඒක තමයි අපේ දේශපාලනය” යැයි පවසන ඔහු, ජනතාව වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් බවද පවසයි.
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව තුළ ඇති වූ සැකය වැළැක්වීම සඳහා තමන් කථානායක ධූරයෙන් ඉවත් වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart