
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සම්බන්ධයෙන් දොස් පවරන්නට පෙර රටේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ගැටලු විසඳීමේදී රජය අපක්ෂපාතී සහ සංවේදී විය යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය ප්‍රකාශ කරයි.
අස්ගිරි මහා විහාරයේ උත්තරීතර මහා සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසා ඇත්තේ, දශක තුනක වාර්ගික ගැටුමෙන් පසු මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ හඬට රජය සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් නිසි ලෙස ඇහුම්කන් නොදෙන බව පෙනෙන බවත්, එබැවින් එක් විශේෂිත බෞද්ධ භික්ෂුවකගේ හැසිරීම හුවා දැක්වීමෙන් වැරදි අර්ථකථන ලබානොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.
ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි විහාරස්ථානයක විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන්ගේ හැසිරීම පිළිගත නොහැකි නමුත් උන්වහන්සේට (සුමනරතන හිමි) සහ උන්වහන්සේගේ ප්‍රජාව මුහුණ දෙන සුවිශේෂී ගැටලු කිහිපයක් ඒවා ඇති බව ධම්මානන්ද හිමියෝ පෙන්වාදෙති.
මෙම ප්‍රශ්න ඉතා සංකීර්ණ බැවින් රජය තීරණ ගැනීමට ප්‍රථම මේවා පිළිබඳව ඉතා ගැඹුරින් සහ එහි මූලයන් කොහිදැයි සොයාබැලිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.
පසුගියදා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සුමනරතන හිමියන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බලකරමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කළේය.
වාර්ගික සංහිඳියාව පිළිබඳ ගැටළු මතුකර ඇති බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් සුමනරතන හිමියන් දැඩි අවධානයට ලක්ව ඇත.
කෝපයට පත් වූ සුමනරතන හිමියන් මෑතකදී ප්‍රචාරය වූ වීඩියෝවක, ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ දෙමළ ප්‍රජාවට එරෙහිව තර්ජන කරන අයුරු දක්නට ලැබේ.
මෙම ප්‍රකාශයන් වාර්ගික සංහිඳියාවට බරපතල තර්ජනයක් වන අතර, ප්‍රචණ්ඩත්වය සහ වෛරය අවුලුවාලීමේ හැකියාව ඇති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පෙන්වාදෙයි.
එබැවින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart