
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියන් ආධාර මත බගවන්තලාව වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාස බෙදාදීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති දෙකක සමාජිකයන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ ගැටුමක් හේතුවෙන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තිදෙනකු රෝහල්ගත කර ඇත.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ, බගවන්තලාව වතුයායේ පහළ කොටසේ ඉන්දියන් රජයේ ආධාර මත ඉදිකිරිමට යෝජිත නිවාස ලබාදිමේදි එක්තරා වෘත්තිය සමිතියක වතු නියෝජිතයකු (තලෙවර්වරයකු) එම වෘත්තිය සමිතියේ සමාජිකයන්ට නිවාස වැඩි සංඛ්‍යාවක් ලබාදීමට කටයුතු කරන බව පවසමින් තවත් වෘත්තිය සමිතියක සමාජිකයන් පිරිසක් විරෝධය පළකිරිමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවයි.
මුලින් මෙම ප්රශ්නය බහින්බස්වීමක් ලෙස ඇරැඹී, පසුව ගැටුම්කාරි තත්වකට පත්ව ඇති බවත්, එම ගැටුම්කාරී තත්වයන් මත බගවන්තලාව පහළ කොටස පදංචි අවුරුදු 65, 61, 39, යන වයස්වල තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මෙම ගැටුමට සම්බන්ධ බවට සැකපිට එම වතුයායේම පදිංචි අවුරුදු 38ක් හා 28ක් වයැසැති දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම දෙදෙනා හැටන් දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත්, මේ පිළිබඳව බගවන්තලාව පොලිසිය වැඩි පරික්ෂණ මෙහෙයවන බවත් එම නිලධාරිායා වැඩි දුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart