
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ පසුගියදා (18) යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගෙන ඇත.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගෙන තිබේ.
මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ 2021 වර්ෂයේ සිට මාස 21 කට වැඩි කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි ධූරය හෙබවා ඇත.
වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි ධූරය හොබවන කාලසීමාවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහඑම ඒකකයේ ඛණ්ඩභාර නිලධාරි ධූරය හොබවා තිබේ.
2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවැති කාලසීමාවේදී ඔහු 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart