
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක් පිළිබඳ කරුණු විමසීම සඳහා ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (07) ශ්‍රී ලංකා යුද හමුදාවට නොතිසි නිකුත් කර ඇත.
පෙත්සම්කාර ජනමාධ්‍යවේදී නිරෝෂ් කුමාර් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් කළ කරුණු දැක්වීම් සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් එම නියෝගය කර තිබේ.
පෙත්සම්කාර ජනමාධ්‍යවේදියා 2019 වසරේ අප්‍රේල් මස තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එම තොරතුරු ඉල්ලා තිබූ අතර, එම තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලිකර ඇත.
එකී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් භාරගත් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු යුද හමුදාව සතුව නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව දැනුම්දී ඇතැයි පවසමින් 2023 වසරේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තීන්දුවක් ලබාදී තිබේ.
එකී තීන්දුවට එරෙහිව ජනමාධ්‍යවේදී නිරෝෂ් කුමාර් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ගොනුකර ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart