
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ශ්‍රී ජයවර්ධනපුර පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම වැටළීම සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 7.75 ක වටිනාකමකින් යුත් හෂීස් කිලෝග්‍රෑම් 1.05 ක් සහ කුෂ් ග්‍රෑම් 500 ක් සොයාගෙන තිබේ.
එමෙන්ම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් විසින් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 1.25ක මුදල්, යතුරුපැදියක්, ඩිජිටල් තරාදියක් සහ වැකුම් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart