
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අලුතින් බඳවා ගැනීම් සිදුනොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසයි.
නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම නිසා සංස්ථාවට මානව සම්පත් අවශ්‍යතා අවම කර ගැනීමට හැකි වී ඇති බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම වත්මන් සේවකයන් තම රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව බියවිය යුතු නොමැති බව ද ඔහු පවසයි.
2012 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 3290ක් පමණ සිටි නමුත්, නවීන තාක්ෂණය ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කිරීමට දැන් සැලසුම් කර ඇති හෙයින් සංස්ථාවට පෙර මෙන් සේවක සංඛ්‍යාවක් අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කරයි.
“අපගේ ශ්‍රම බලකාය 2,031 දක්වා අඩුකර තිබෙනවා. දැනට සිටින සේවකයින් සැලකිය යුතු පිරිසක් මේ වසරේ සහ ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතයි. ඔවුන් විශ්‍රාම ගිය පසු, ඒ වෙනුවට සේවකයන් බඳවා ගන්නේ නැහැ. ඒ අනුව සියලුම නව බඳවාගැනීම් නතර කර තිබෙනවා. මීට අමතරව, අපි බොහෝ අකාර්යක්ෂම සේවා නවතා දමා තිබෙනවා. එමඟින් පිරිස් අවශ්‍යතාවය තවදුරටත් අඩුවෙලා තිබෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart