
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් අධි භූකම්පන කලාපයක් ලෙස නොසැළකුණද කොළඹ අහස උසට ඉදවෙන ගොඩනැගිලි එවැනි ව්‍යුහාත්මක තාක්ෂණයෙන් ඉදිකර ඇති බැවින්, අනපේක්ෂිත භූමිකම්පාවකින් වුව ද ආරක්ෂාවීමේ හැකියාව පවතින බව භූ කම්පන විද්‍යාඥයෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ඉකුත් දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ භූමිකම්පාවෙන් ජීවිත 1,700 කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති පසුබිමක් තුළ භූ කම්පන අවධානම අඩු කලාපයක පිහිටි රටක වුවද මහජනතාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් පවතී.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉහළම කම්පන 3.5ක පමණ ප්‍රමාණයේ කම්පන වන අතර, එය යන්තම් කිසිදු බලපෑමක් හෝ හානියක් සිදුකළ නොහැකි පරාසයක පවතින බවයි.
කෙසේවෙතත් දැනට ඉදිකරමින් පවතින සහ පසුගිය කාලයේ ඉදිකරන ලද සියලුම නවීන උස් ගොඩනැගිලි මධ්‍යස්ථ භූමිකම්පාවකට ඔරොත්තු දෙන පරිදි ව්‍යුහාත්මක තාක්ෂණයෙන් ඉදිකර ඇත.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, රට භූකම්පා අඩු අවදානම් කලාපයක පැවතියද අන්තර්ජාතික සහ දේශීය ප්රමුඛ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ ගොඩනැගිලිවල භූමිකම්පා ප්‍රතිරෝධී තාක්ෂණය යෙදීම සම්බන්ධයෙන් මේ වනවිට සළකා බලන බවයි.
එය අන්තර්ජාතික ඉදිකිරීම් ප්‍රමිතියේ අවශ්‍යතාවයක් වන අතර එය දැන් ශ්‍රී ලංකාව තුළද අනුගමනය කරනු ලබන බව ඇය පවසයි.
එබැවින් කොළඹ නගරයට භූමිකම්පාවක් ඇති වීම දුලබ තත්ත්වයක පවතින පසුබිමක් පවා කොළඹ නගරයේ ගොඩනැගිලි එයින් ආරක්ෂිත බව ඇය පෙන්වාදෙයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart